ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින නිවේදක නිවේදිකාවන් හට අඩිතාලමක් වශයෙන් ක්‍රියාත්මක වන ජේ.එම් මාධ්‍ය පාසලේ සිංහල මාධ්‍ය පාඨමාලාවෙහි තවත් එක් අදියරක් ලෙස වැඩසටහන් නිවේදනය පිලිබදව එක්දින කඩිනම් වැඩමුළුවක් 2022 සැප්තැම්බර් මස 27 වැනිදා පැවැත්වුණා.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු එම වැඩසටහන මෙහෙයවණු ලැබුවේ ප්‍රවීණ මාධ්‍යවේදී ටිවී දෙරණ නිවේදක පේෂල මනෝජ් මහතා විසිනි.
ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් විවිධ වයස් කාණ්ඩ යටතේ විශාල පිරිසක් පාඨමාලාවට සහභාගි වී සිටි අතර එහිදී වැඩසටහන් නිවේදනය, රියැලිටි වැඩසටහන් නිවේදනය , ප්‍රායෝගිකව මාධ්‍ය භාවිතා කරන ආකාරය,වැඩසටහන් නිවේදනය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව පුලුල් දැනුමක් ලබා දෙනු ලැබුවා.
ඊට අමතරව ත්‍රයිමාසික ජන මාධ්‍ය පාඨමාලාවන්ද මේ වන විට ජේ.එම් මාධ්‍ය පාසල තුල ක්‍රියාත්මක වෙමින් පවතින අතර සිංහල සහ දමිළ යන මාධ්‍ය ද්විත්වයෙන්ම මාධ්‍ය පාඨමාලාවන් ජේ. එම් මාධ්‍ය පාසල විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.
එහි කළමනාකරණ අධ්යක්ෂ ලෙස මාධ්‍යවේදී රාශිඩ් මල්හර්ඩීන් මහත්මා කටයුතු කරන අතර අධ්යක්ෂ ප්‍රධානි ලෙස රසා මල්හර්ඩීන් මහත්මා කටයුතු කරයි.
දිනෙන් දින දියුණු වන ජේ. එම් .මාධ්‍ය ආයතනය ඉදිරියේ දී අධ්‍යාපනයට ප්රමුඛස්ථානයක් ලබා දෙමින් ගුණාත්මක භාවය යටතේ මෙවැනි පාඨමාලාවන් තව දුරටත් සංවිධානය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ සියලුම දෙනාට දැනුම් දෙනු ලබන්නේ මහත් ආඩම්බරයෙනි.







මටත් නීවේදන පාසලට සහබාගී වීමට අවශය වේ
0777121671 drop a massage in whatsapp
මටත් නිවේදන පාසලට සහබාගී වීමට අවශය
0777 121 671 contact via WhatsApp please