අද (26) දහවල් තඹුත්තේගම ව්‍යාපාරිකයෙකු එම ප්‍රදේශයේ බැංකුවක තැන්පත් කිරීම සඳහා රැගෙන ආ රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ල කා තිබෙනවා.
පොලිසිය පැවසුවේ ආයුධ සන්නධව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙය සිදු කර ඇති බවයි.
එම කොල්ලකරුවන් දෙදෙනා පළා යාමට උත්සාහ ගත් අවස්ථාවේ එම ස්ථානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා ක්ෂණයකින් ක්‍රියාත්මක වී සැකකරුවන් දෙදෙනාගේ මග හරස් කරමින් ඔවුන් ඉදිරියට පැන තිබෙනවා.
අනපේක්ෂිත ලෙස තමන් ඉදිරියට පැමිණි පොලිස් නිළධාරියාගෙන් ගැළවීයාමට සැකකරුවන් විසින් අදාළ නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.




