තඹුත්තේගම පෞද්ගලික බැංකුවක ඊයේ(26) සිදුවූ මුදල් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන්ට යතුරුපැදිය ලබා දී ඇත්තේ පොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් බවට අනාවරණය වී තිබෙනවා.
මේ වනවිට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මුදල් මංකොල්ලයට ආධාර අනුබල දීම ඔහුට එල්ලවන චෝදනාවයි.
එසේම තවත් සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මංකොල්ලකරුවන් දෙදෙනා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරයා ඇතුළුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සම්පුර්ණ සංඛ්‍යව 05ක්.




