ඉස්ලාමාබාද් සහ වොෂිංටනය අතර පවතින සබඳතා මගින් අමෙරිකාවේ වුවමනා ඉටු නොවනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා.
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ එවැනි සබදතා මගින් පාකිස්ථානයේ හෝ අමෙරිකාවේ අවශ්‍යතා ඉටු නොවන බවයි.
අදාල මාධ්‍ය හමුවේදී අමෙරිකාව සහ පාකිස්ථානය අතර F16 ප්‍රහාරක ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.




