ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේ දී සාධාරණ විසඳුමක් ලබාදීමට බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
මේ අතර, ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටලුව සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ බුද්ධ ශාසන අමාත්‍යංශය අතර අද (26)දින සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.
විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ආගමික ස්ථානවල විදුලි බිල අසීමිත ලෙස ඉහළ යාමට විරෝධය දක්වමින් පසුගිය සති කිහිපයේම විවිධ පාර්ශවයන් මඟින් අදහස් පළ කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සමඟ ද මහා සංඝරත්නය සාකච්ඡාවක් සිදු කළ අතර, ත්‍රෛයිනිකායික මහා නිකායික හිමිවරුන්ද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා.




